Thursday, March 9, 2017

Waiting for the honourable Migettuwatte Gunananda or Angaraika Dharamapala

 

Venerable_Migettuwatte GunanandaThera
Venerable_Migettuwatte GunanandaThera
Peace can srilanka afford on ethical foreign policy was really through provoking.It is true that if migettuwatte Gunananda and Angaraika Dharamapala were alive today, they would have questioned and stood up for the protection of Buddhism and welfare of Sinhala peoples
But now political has become a family matters or business venture. Srilanka politicians want to be in the good books of the head of other countries rather than being interested in the welfare of the general public. They want to save their own skin so that they can be assumed of their ‘ thrones’ for long time with out any interference from other countries in the form of war. Now all srilankan holding out for the one true hero will born again for the nation. Lot of Buddhist monks and
Angaraika Dharamapala
Angaraika Dharamapala
Buddhist leaders are sought out and fight against intruder of their Sinhala culture and religious belief and they all are saying some of other extreme religious ideologist planning of the ahead of demise of buddhism and finally its country.
Also yet no government authority has been clearly state about unethical conversion of Buddhist to other religion. Its and yet hidden agenda in srilankan society and it’s powered by hidden dollar power of many country and keep it beneath of everyday life of srilankan . The unethical Commission Sabha was appointed on the day of poson in the year 2006 at the premises of most historic Mihintale. Around 348 monastic and laities have given their evidence before the commission for whole 4 year period during appointed its visit to various places throughout the Srilanka. The illegitimate affects of conversion of religions against the Sinhala Buddhist was describes through this report, based on very clear evidences.

Image courtesy by The All Ceylon Buddhist Congress:The first copy of the Commission Sabha Report forwarded to Rev. Udugama Sri Buddharakkita mahanayaka Thero; the Asgiri Chapter, Rev. Dauldena Ghanissara mahanayake Thero; the most honorable chief incumbents of samastha lanaka Amarapura maha sanga sabha, Rev. Iththapane Dhammalankara the sub chief incumbent of the malwathu chapter, Rev. Kotugoda Dhammawasa nayake Thero; President to the samastha lanaka Amarapura maha sanga sabha, Rev. Prof. Bellanwila Wimalarathna Thero, Chancellar Sri Jayawardanapura University, Rev. Balangoda Sobhitha nayake Thero; Parivenadhipathi, Vidyodaya Pirivena

Image courtesy by The All Ceylon Buddhist Congress: Buddhist monk

Image courtesy by The All Ceylon Buddhist Congress: Commission Sabha Report forwarded to Hon.. Minister to the cultural affairs, Mr. Lalith Weeratunga, Diyawadane Nilame of Sri Dalada Maligawa Mr. Dilanga Dala Bandara and other honorable invitees.

Image courtesy by The All Ceylon Buddhist Congress: Diyawadane Nilame of Sri Dalada Maligawa Mr. Dilanga Dala Bandara

Image courtesy by The All Ceylon Buddhist Congress: Mr. Lalith Weeratunga

Image courtesy by The All Ceylon Buddhist Congress: honorable invitees.
Anagarika Dharmapala is one of the most popular figures in Sri Lanka’s recent turbulent history and he rescued Sinhala culture and Buddhist heritage. Anagarika Dharmapala spent the rest of his life to preserve the Sinhala Buddhsit tradition and even he is extend his mission for protect historical sites in India where the Buddha taught and lived. While Srilanka was under the siege by Christian missionaries without thinking his life and safety Anagarika Dharmapala worked for protection of his Nation and its belief. And he counteracts the destructive effects of Christian Missionary by giving right speech to the nation.

Image courtesy by The wikipedia :Most Ven.Hikkaduwe Sri Sumangala thero and Colonel Henry Steel Olcott in Colombo, 1889. Ven.Hikkaduwe Sri Sumangala thero was a Sri Lankan Buddhist monk, who was one of the pioneers of Sri Lankan Buddhist revivalist movement in the 19th century.[He did a great service to improve the Buddhist Education in the country and was the founder of Vidyodaya Pirivena, Maligakanda in 1873 which was granted the university status later in 1959 by the Government of Sri Lanka.A veteran author and a fiery orator, he was a major figure in the Panadurawadaya, a religious debate held between Christian missionaries and Buddhist monks in 1873 at Panadura. Most Ven.Hikkaduwe Sri Sumangala thero was born on 20th January 1827 to the family of Don Johanis Abeyweera Gunawardhana Maha Liyana Arachchi Ralahamy and his wife Dandangoda Gamage Christina Hamine of Hettigoda, Hikkaduwa in Galle District.

Anagarika Dharmapala was close associate and worked with Colonel Olcott and Most Ven. Hikkaduwe Siri Sumangala Maha Nayake Thero. Anagarika Dharmapala saved Sinhala Buddhist from cultural collapse. His reformation of Buddhism increased chance to even attract the Sinhala Buddhsit leaders for involvement of right political leadersip for protects the nation itself. It’s yet tied until today.
Because following hidden foreign policies Once again Srialanka heading dangers way. Sinhala Buddhist leaders must consider their involvement in right leadership. Planning is essential, as well as cares to ensure the course is followed by country leaders until presidential level.We all elders and youths are will one day again responsible for working srilanka graveyard with all the fights between different scat and religion meaning full peace can developed by following Buddhist leaders like Anagarika Dhramapala.
Leaders of our country are trying to give priority for covert foreign policy. How can a country burning  out own safe policy for help other country?
The Buddhists of the world must follow the example set by Anagarika Dharmapala and ven migettuwatte Gunananda.
We all wish one more ven migettuwatte Gunananda or Angaraika Dharamapala would be born again in srilanka and other countries would be able to live in peace and harmony again.
Triple gem bless you all !
By Palitha Ariyarathna
Propaganda secretary
National Buddhist Authority

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි ජාතියේ ආගමේ පිනට කලාතුරකින් පහළ වූ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමකි. උන් වහන්සේ අපවත්වී මෙම 21 වන දිනට වසර 122 ක් සපිරෙයි.
බලපිටිය මොහොට්ටිවත්ත ගම් පියසේ ලද්දු මැන්දිස් හා මල්දෝ ද සිල්වා හාමිනේ දම්පතින් මවුපියන් වී මෙලොව උපත ලද මිගෙල් කුමරුවා දොළොස් හැවිරිදි වියේදී පැවිදි වූයේය. වරක් උපැවිදිව රැකියාවක් සොයා කොළඹ ආ මිගෙල්ට මරදාන දුම්රිය පොළ අසළ බෝගස ළඟ බෞද්ධ උපාසිකාවකට පිරිසක් පහර දෙනු දැක යළිත් සසුන් ගත විය.
ඔහු උපත ලැබුවේ ද හැදී වැඩුනේ ද සිංහලකම, බෞද්ධකම, මුළු ගැන්වුණ, තාඩන පීඩනයට ලක්වුණු අන්ධකාර කාල පරිච්ඡේදයක් මධ්‍යයේය. අන්‍ය ආගමික බලය පැතිරෙන යුගයක කොටහේන කුඩා ආවාසයක වැඩවසන ගුණානන්ද හිමියෝ නැතිවී ගෙන යන බෞද්ධකම, සිංහලකම නංවාලීමට මහඟු ප්‍රයත්නයක් දැරූ සේක.
අන්‍ය ආගමිකයන් විසින් පළකරන ලද අදහස්වලට ප්‍රති පිළිතුරු දීම සඳහා බෞද්ධ පත්‍රිකා සමාගමක් ඇරැඹූහ. බොහෝ පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරිය ගුණානන්ද හිමියෝ ප්‍රසිද්ධ වාද ගණනාවක් මගින් අන්‍යආගමික කරුණුවලට පහර දෙමින් බුදු දහම රැක ගැනීමට මහ¼ගු වෙහෙසක් ගත්සේක. 1865 වරාගොඩ වාදය, 1866 උදන්විට වාදය, 1871 ගම්පල වාදය 1875 පානදුරාවාදය උන්වහන්සේ සිදුකළ ප්‍රසිද්ධ වාද හතරකි.
මේ සියලු අවස්ථාවල දී බෞද්ධ පක්‍ෂය ජය ගත්තේය. පානදුරා වාදයෙහි තොරතුරු අමෙරිකාවේ හිටපු සේනාධිනායක හෙන්රි ස්ටිල් ඕල්කට් තුමාට කියවන්නට ලැබී බුද්ධාගම වැළඳ ගැනීමේ කැමැත්තෙන් ලංකාවට පැමිණියේය. එසේම පසුව බ්ලැවැස්කි නම් විදේශීය කාන්තාව ද බුදු දහම වැළඳ ගැනීමට මෙ රට ට පැමිණියාය.
ගුණානන්ද හිමියන් ලියූ පොත්පත් සංඛ්‍යාව විශාලය. ප්‍රසිද්ධ දේශනා හාරදහසකටත් වැඩියෙන් උන්වහන්සේ සටහන් කර ඇත. භාෂා හතක දැනුමෙන් පෝෂණය වූ ගුණානන්ද හිමියෝ ප්‍රභූවරුන්ගේ සහායද ලබාගෙන බෝධිරාජ සමිතිය පිහිට වූ සේක. කැපීමට නියමිත වූ බෝගස් ඒ තුළින් රැක ගත් උන්වහන්සේ ඒවා බෞද්ධයාගේ පූජනීය වෘක්‍ෂ ලෙස සලකමින් ගරුකළහ. කපන ලද බෝගස් වෙනුවට අලුතෙන් බෝගස් රෝපණය කළහ. අද කොම්පඤ්ඤවීදිය, නුගේගොඩ, මරදාන, බොරැල්ල, ආදි නොයෙක් ස්ථානවල දක්නට ලැබෙන්නේ ගුණානන්ද හිමියන් විසින් රෝපණය කරනලද බෝධින් වහන්සේලාය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ සහාය අතිශය වැදගත්ය. දොන් අන්ද්‍රියස් සිල්වා ධර්ම ගුණවර්ධන මුහන්දිරම්, පීටර් ද, සිල්වා මුහන්දිරම්, දොන් පිලිප් ද සිල්වා, ඈපා අප්පුහාමි ආදි ගිහි ප්‍රභූ®වරුන්ගෙන් ලැබුණු සහාය අගනේය. ඈපා අප්පුහාමි මහතා සමඟ එක්ව බිහිකළ විද්‍යාධාර සභාව ඔස්සේ විදුදය පිරිවෙන බිහිවීමට මං පෙත් විවරවිය.
මෝල්ගස්වල බෞද්ධ කොඩි බඳවාගෙන අසිරිමත් වූ පෙරහර උන්වහන්සේගේ එඩිතර බව පෙන්වීය. බෞද්ධයන්ට ඇතැම් අන්‍ය ආගමිකයන්ගෙන් වන හානිය නිසා ඇතැම් වැඩපිළිවෙළ තුළින් උන්වහන්සේ සිංහල ජාතියත් බෞද්ධාගමත් අවදි කරලීමට ගත් තැත ඉමහත්ය. ගුණානන්ද හිමියයෝ1878 දී කොටහේනේ සංඝමිත්ත ඉරුදින දහම්පාසල ආරම්භ කළ සේක.
කිසිවකට බිය නොවූ උන්වහන්සේ එඩිතර අධිෂ්ඨානයෙන් කැපවීමෙන් ක්‍රියා කළේ සැබෑ සිංහල බෞද්ධයෙකු ලෙසින්ය. උන්වහන්සේ ගේ උසස් වැඩපිළිවෙළ නො ඉවසූවෝ උන්වහන්සේට නොයෙක් පීඩා අපහාස කරන්නට වූහ.
අයුක්තිය අසාධාරණය මධ්‍යයේ කේශර සිංහ රාජයකු මෙන් අභීතව වැජඹුනු උන්වහන්සේ 1890 සැප්තැම්බර් 21 දා 67 වන වියේදී අපවත් වී වදාළහ.
උන්වහන්සේ ගේ ශිෂ්‍යයකු වූ මොහොට්ටිවත්තේ ජනානන්ද හිමියෝද ගුරු හිමි මෙන් මිසදිටු මත බිඳීමෙහි දක්‍ෂයෙකු වූහ. 1905 දී ඔරුගොඩවත්ත වාදය කළ උන්වහන්සේ බෞද්ධ පක්‍ෂයට ජය ලබා දී එදිනම අපවත් වූ සේක.
මොහොට්ටිවත්තේ ඉන්දසෝම හිමියෝද ගුණානන්ද හිමියන්ගේ තවත් ශිෂ්‍ය නමකි.
ගුණානන්ද හිමියන් එදා පානදුරා වාදය කළ භූමිභාගය අද ආරක්‍ෂා කරලීම වැදගත්ය.
අදින් වසර 122කට පෙර අපවත් වී වදාළ සිංහල බෞද්ධයා වෙනුවෙන් අත්‍යුදාර උත්කෘෂ්ඨ සේවාවක් කළ වීරෝදාර වාදිභසිංහ මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද යතිවරයාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

පානදුරා වාදයේ නියමු වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියෝ

පානදුරා වාදයේ නියමු වාදීභසිංහ
මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියෝ


ලුණුගම්වෙහෙර තලල්ලේ ප්‍රඥරත්න විදානගමාච්චි

(මොහෙට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් ගේ ජන්ම දිනය ඊයේ දිනයට (09 වැනිදාට) යෙදී තිබිණි. පිළිබඳ මේ ගුණ කථනය එතුමා උපන් පෙබරවාරි 9 දා වෙනුවෙනි)
ඈත අතීතයේ ආගම් අතර පැවැති නොයෙක්‌ නොයෙක්‌ අදහස්‌ හා මත වාදයන් තුරන් කිරීමට පැවැත්වූ වාද අතර "පානදුරාවාදය" ලොව ප්‍රකට වාදයක්‌ බවට පත්ව ඇත. මෙම වාදයට සවන්දීම සඳහා නොයෙක්‌ ආගමිකයන් දසදහසකට අධික ප්‍රමාණයක්‌ එක්‌රැස්‌වී ඇත.

මෙම වාදයේ පුරෝගාමිකයාගේ 191 වැනි උපන් දිනය ඊයේ දිනට (9 දා) යෙදී තිබිණි.

සේන ගුත්තික රජ සමයේ සිංහල ජාතියටත් බුදු සමයටත් පහර එල්ල වූ සැටි මහසෙන් රජ දවස පන්සල්, වෙහෙර, විහාර 367 ක්‌ පොළොව සමතලා කෙරුණු සැටි, රුවන් වැලි සෑය වටේ උඳු වැපුරූ හැටි, පිඬු සිඟා වඩින භික්‍ෂු නමකට පිණ්‌ඩපාතය පිළිගැන්වීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ වූ හැටි වංශ කතාවලින් අපට පෙන්වා දී ඇත.

එළාර රජ සමයද වසර හතළිස්‌ හතරක්‌ දක්‌වා පැවතියද ඒ කිසිම කෙනෙකුට බුදු දහම හෝ සිංහල ජාතිය විනාශ කිරීමට නොහැකි විය. විදේශීකයන්ගේ අප රටට විශාල ප්‍රහාර එල්ල වෙද්දී 1823 පෙබරවාරි 9 දා බළපිටිය ග්‍රාමයේ දී පින්වත් කුමරෙක්‌ ඉපදින. හේ ගිංගම ලද්දු මිගෙල් මැන්දිස්‌ නමින් විය. ඔහුගේ පියා ගිංගම ලද්දු අසනේරිස්‌ මැන්දිස්‌ වූ අතර මව කළුදුර මල්දොaද සිල්වා නමින්ද විය.

මෙම මිගෙල් මැන්දිස්‌ දරුවා පන්සල් අධ්‍යාපනය ලබා පසුව රෝමානු පූජක උතුමන් වෙතින් කිතු දහමේ ධර්මතා සියල්ල රිසිසේ ප්‍රගුණ කළහ. පසුව 12 වැනි විය පසුකිරීමටත් පෙර දෙමාපියන්ගේ ආශිර්වාදය මත තෙලිකඩ පියරතන නායක හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස "මොහොට්‌ටිවත්තේ ගුණානන්ද" නමින් පැවිදි දිවියට සැපත්විය. පසුව උන් වහන්සේට මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් සහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද නමින්ද ඇමතීමට ප්‍රදේශවාසීන් පුරුදු පුහුණු විය.

පැවිදි දිවියට පත් ගුණානන්ද හිමියෝ බළපිටියේ ගුණරත්න හිමියන් සමඟ කොළඹ දීපදුත්තාරාම විහාරස්‌ථානයට පැමිණ වැඩ වාසය කළේ ගුණරතන හිමියනට තිබූ ඥති සම්බන්ධතාවයටද ගරු කරමිනි.

නමුත් මෙම කාලය බුදු දහමට එතරම් යහපත් කාලයක්‌ නොවීය. අබෞද්ධ බලවේගය ඉස්‌මතුවී තිබිණ. සිංහල ජනතාව තමන් බෞද්ධයන් බව පවා ප්‍රකාශ කිරීමටද මැලි වූහ. විවාහය සිදුකළේද බයිබලයේ අත තබා දිව්රුමෙනි. මෙම තත්ත්වය අනුව ගුණරතන හිමියන් සමඟ ආපසු තමන් පැවිදි වූ පින් බිම වූ බලපිටියේ සුභද්‍රdරාම විහාරයට වැඩම කරවීමට ගුණානන්ද හිමියනට සිදුවිය.

මේ කාලය තුළ තම ගුරු-දෙවි බලපිටියේ ගුණරතන නායක හිමියන් අපවත්වීම ගුණානන්ද හිමියන්ට බලවත් පාඩුවක්‌ විය. එම කාලය තුළ තම පියාණන්ද මියයැම නිසා තම මෑණියන්ද තනිවීම මුන්වහන්සේට විශාල ප්‍රශ්නයක්‌ විය.

එයට පිළියමක්‌ වශයෙන් නැවත ගිහි බවට පත්වූ ඔහු තම මවට ජීවත්වීමට සෑම උපකාරයක්‌ම කරන්නට විය. අවාසනාවක මහිම, හදිසියේ රෝගාතුරුවූ මවද මියයැම බරපතළ ප්‍රශ්නයක්‌ විය.

මේ අතර බලපිටියේ ප්‍රසිද්ධව සිටි ඒබ්‍රහම් අල්විස්‌ මුදලිතුමා මෙම දරුවා වැඩිදුර අධ්‍යාපනය සඳහා තේවිස්‌ නමැති අදිගුරුතුමකු වෙත භාරදෙන ලදී. එතුමා විසින් මෙම කුමරා කොළඹ වෙස්‌ලි විදුහලට ඇතුළත් කළහ. එහිදී ඔහුට ඉංග්‍රීසි භාෂාවත්, බයිබලය හැදැරීමටත් කටපාඩම් කර කියා ගැනීමටත් අවස්‌ථාව උදාවිය.

මේ වන විට මෙම දරුවාට එවකට පැවැති "සිලෝන් ඔබ්සවර්" පත්‍රයේ රැකියාවක්‌ ලැබිණ. අනතුරුව තම ඥති කොටහේනේ දීපදුත්තාරාම විහාරස්‌ථානයේ වැඩි සිටි සීනිගම ධීරක්‌ඛණ්‌ධ හිමියන් මොහුට නැවත පැවිදි දිවියට ඇතුළත්වීමට සියලු කටයුතු යොදා තිබිණ.

මේ වන විට කොළඹ ප්‍රදේශයේ අබෞද්ධ බලවේග විශාල අභියෝගයක්‌ද වී තිබිණ. දිනක්‌ මොහු ධීරක්‌ඛන්ද හිමියන් බැහැ දැකීමට යද්දී පිටකොටුවේ බෝධිය අසල විශාල පිරිසක්‌ රැස්‌වී සිටින බව දිස්‌විය. එහිදී ඔහුට දක්‌නට ලැබුණේ හැඩි දැඩි චීන තරුණයෙකු පැමිණ සිටි පිරිස අමතා මල්ලව පොර සටනකට පැමිණෙන ලෙසයි. මෙය අසා සිටි මිගෙල් මැන්දිස්‌ තරුණයා එම ජනකාය මැදින් ඉදිරියට පැමිණ එම අභියෝගය භාරගත්හ. වටේ සිටි සිංහල තරුණ පිරිස්‌ උද්ධාමනයට පත්වී ඔල්වර හඬ දුන්හ. මල්ලව පොර තරගය ආරම්භ විය. එය අවසානවීමට පැය ගාණක්‌ ගත නොවීය. ඉතා නිමේෂයකින් චීන ජාතික තරුණයා අල්ලා පොලොවේ ගැසීමෙන් පසු එම තරගය නිමාවට පත්විය. පැමිණ සිටි පිරිස්‌ තුෂ්නිම්භූතව බලා සිටියහ.

මේ දිනවල දොඩන්දූව ගලඋඩ විහාරස්‌ථානයේ ත්‍රිපිටකය ලිවීමේ මහා පිංකමක්‌ විය. එහි දායකත්ව බාරගත් බොහෝ දෙනා පළාතේ ප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේලා වැඩමවා ධර්මදේශනා පැවැත්වූහ. එක්‌ දායකත්වයක්‌ භාරගත් මිගෙල් මැන්දිස්‌ තරුණයා ධර්මදේශනා දිනය ළඟා වෙනතෙක්‌ කිසිම ධර්මදේශකයාණන් වහන්සේ නමකට ආරාධනා කර නොතිබීම අනික්‌ දායකයන්ගේ කනස්‌සල්ලටද හේතුවී තිබිණ. අන්තිම මොහොතේ අට පිරිකරක්‌ හිස උඩ තබාගෙන එහි විහාරාධිපති සෝනුත්තර හිමියන්ට අටපිරිකර පූජා කොට හාමුදුරුවන් මගේ අම්මත් තාත්තාත් දෙදෙනාම නැහැ, රටත් විනාශයට යනවා. මට මහණ කමත් බණ කියන්නත් පුළුවන්. ඊට අපල උපද්‍රවවලින් බේරා ගැනීම සඳහා මා අදම මහණ කරන ලෙස ඉල්ලීය. එම ඉල්ලීම එවේලේම ඉටුවිය.

එවෙලේම මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියෝ "මහා මංගල සූත්‍රය" මාතෘකා කර ධර්මදේශනය පැවැත්වූයේ සියලු දෙනාගේම සිත් සතන් දහම් සුවඳින් ආලෝක කරමිනි.

ගුණානන්ද හිමියෝ 1844 දී බලපිටිය උදකුක්‌ෙ€ප සීමා මාලකයයේදී අධි සම්පන්න උපසපන් සීලයට පත්විය. බණ දහම් ගැන විශාල දැනුමක්‌ ලබා සිටි ගුණානන්ද හිමියෝ 1849 දී කොළඹ කොටුවේ "කොට්‌ටම්භ ගහයට" විශාල ප්‍රසිද්ධ ධර්මදේශනයක්‌ පැවැත්වූයේ දහස්‌ ගණනක්‌ ඉදිරියේදීය.

මෙතුමා දිනක්‌ ධර්මදේශනයකට වඩිනා විට "මිගෙල්" නමැති පළාතේ බලය තහවුරු කරගෙන සිටි ක්‍රිස්‌තියානි පූජකවරයා බක්‌කි කරත්තෙන් ඉදිරියට පැමිණියහ. එදා ඔහුට ගරු කළ සියලු දෙනා පූජකවරයා එන මගට අවතීර්ණ නොවීය. නමුත් ගුණානන්ද හිමියන් වැඩම කළ බක්‌කිකරත්තය පූජකවරයා ඉදිරියට ගමන්ගත්තේ මහත් ආඩම්බර ලීලාවකින් පූජකවරයාට කිසිම ගෞරවයක්‌ නොවන පරිද්දෙනි.

පසුව අශ්වකරත්තයෙන් බිමට බට පූජකවරයා ගුණානන්ද හිමියන් අමතා මම කවුද කියා දන්නවාද? මම තමයි මිගෙල්. එවිට ගුණානන්ද හිමියන්ද මමත් කවුද කියා දන්නවාද? මමත් මිගෙල්.

පූජකවරයා කේන්තියෙන් පුපුරා ගියේය. ඒ බැව් දැනගත් ගුණානන්ද හිමියන් කේන්ති ගන්න එපා උපාසක මහත්මයා. මම තමයි මොහොට්‌ටිවත්තේ ගුණානන්ද. ඒ නම අසා සිටි පූජකතුමා ගුණානන්ද හිමියන් සමඟ පෙර ගමන්ද කළහ.

මෙම කාලය තුළ බද්දේගම වාදය, 1865 දී ද වරාගොඩ වාදය 1865 අග භාගයේදීද, උදන්මිට වාදය 1866 දීද, ගම්පළ වාදය 1871 දීද, පානදුරා වාදය 1873 අගෝස්‌තු මාසයේදී ද පැවැත්විණ. මෙයින් පානදුරා වාදය මිෂනාරි වරුන්ට මරු පහරක්‌ ද විය.

මෙය ලොව පුරා ප්‍රචලිත විය. අමෙරිකාවේ වාසය කළ හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ තුමාද මෙය දැනගත්හ. ඒ අනුව ලංකාවට 1880 මැයි 16 දා පැමිණි ඕල්කොට්‌ 1880 මැයි 25 දා ගාල්ලේ විජයනන්ද විහාරයේදී බුදු දහම වැළඳ ගැනීම ගුණානන්ද හිමියන්ටද මහත් රුකුලක්‌ විය.

මේ වන විට සිංහල පාසල් වසා ඉංග්‍රීසි පාසල් ආරම්භ කිරීමේ කටයුතුද රහසේ පැවැත්විණ. එයට මුහුණ දුන් ගුණානන්ද ඕල්කොට්‌ දෙපොළ 1836.02.1 දි "කලම්බු ඇකඩමිය" නමින් විදුහලක්‌ ආරම්භ කළහ. අද එය "රාජකීය විදුහලයි" ද 1887.06.30 "මහනුවර ධර්මරාජ විදුහල" ද 1892.02.02 දින "ගාල්ලේ මහින්ද විදුහල" ද 1925.11.01 දින "කොළඹ නාලන්ද විදුහල" ද බිහි විය.

මෙම සියලුම කටයුතුවලට හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, වැලිගම සුමංගල, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති, දොඩන්දූවේ පියරතන, රත්මලානේ ධම්මාලෝක වැනි හිමිවරුන් මෙන්ම දොන් කරෝලිස්‌ හේවාවිතාරන, රොබට්‌ සිල්වා, විලියම් ආබෲ, ආර්. ඒ. මිරැන්ඩෝ, ඩේවිඩ් හේවාවිතාරන (අනාගාරික ධර්මපාල), වලිසිංහ හරිස්‌චන්ද්‍ර, මල්ලිකා හේවාවිතාරණ, මාරි මියුසියස්‌ හිගින්ස්‌, ජෙරමියස්‌ දියස්‌, මුහන්දිරම් හෙන්රි අමරසූරිය වැනි වියතුන්ගේ නොමඳ සහායද ගුණානන්ද හිමියන් ලැබිණ.

මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් නීල, පීත, ලෝහිත, ඕදාත, මාන්ජ්‍යෙෂ්ඨ, ප්‍රභාෂ්වර, වර්ණ සහිත බෞද්ධ කොඩිය 1885.04.28 වන දින වෙසක්‌ පුන් පොහෝදා කොටහේනේ දීප දුත්තාරාමයේදී ඔසවන ලද්දේ මේ වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් අතිනි.

ලක්‌මිණි කිරුළ, සත්‍ය මාර්ගය, රිවිරැස, ක්‍රිස්‌තියානි විසාතතිය", බෞද්ධ ඇදහිල්ල ආදී ග්‍රන්ථ රැසක්‌ සම්පාදනය කළ වාදීභසිංහ මොහෙට්‌ටිවත්තේ ගුණානන්ද හිමියෝ 1890 සැප්තැම්බර් මස 21 දා අපවත්වී වදාළ සේක.